Monday, December 23, 2024

General line - 0115112241

ණය ශ්‍රේණිගත කිරීම්වලින් ෆිච් රේටින් සමාගමෙන් ශ්‍රී ලංකාවට උසස්වීමක්




ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාව සැලකිල්ලට ගනිමින් ෆිච් රේටින් සමාගම විසින් දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම CCC සෘණ මට්ටමේ සිට CCC ධන මට්ටම දක්වා උසස් කර තිබෙනවා. 

ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාර්ථකත්වය වැඩි දියුණුකළ සාර්ව ආර්ථික දර්ශක සහ දේශීය මුදල් පැහැරහැරීමේ අවදානම අඩුකිරීම මෙමගින් පිළිඹිබු කරන බවයි ෆිච් රේටින් සමාගම පවසන්නේ.

මේ අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අනුව භාණ්ඩාගාර බැඳුම්කර අටක් මගින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හුවමාරු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 

මෙම සියලු බැඳුම්කර රුපියල් මිලියන දහනවදහස් හාරසිය හැටහයයි දශම එකක වෙන්කළ මුදලකින් සමන්විත බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ