Monday, December 23, 2024

General line - 0115112241

සහල් ආනයන කාලය දීර්ඝ කළද ගැසට්ටුව නොමැති නිසා රේගුවෙන් අවසර නැතිවෙයි




සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය දීර්ඝ කළ බව පැවසුවද ඊට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර නොමැති බවට වාර්තා වනවා. 

සහල් ආනයනයට ලබා දී තිබූ කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබුණා. 

කෙසේවෙතත් වෙළඳ අමාත්‍යංශය නිවේදනය කළේ එම කාලය ලබන වසරේ ජනවාරි 10 වනදා දක්වා දීර්ඝ කරන බවයි. 

ඒ අනුව සහල් ආනයන කටයුතු මේ වන විට සිදුවන්නේදැයි නෙත් නිවුස් ශ්‍රී ලංකා රේගුවෙන් විමසීමක් කළා. 

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ කාලය දීර්ඝ කළ බවට ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන තෙක් සහල් ආනයනය සඳහා අවසර දීමට නොහැකි බවයි. 


පසුගිය 04 වනදා සිට ඊයේ මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ දිවයිනට සහල් මෙටි්‍රක් ටොන් 67,000ක් ලැබී තිබෙනවා. 

ඒ අනුව එම සහල් තොගයට ආනයන බදු ලෙස රුපියල් බිලියන 4යි දශම තුනක පමණ මුදලක් අය කරගෙන ඇති බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.