Monday, December 23, 2024

General line - 0115112241

CIDය පාර්ලිමේන්තුවට




අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ “ආචාර්ය” නාමයක් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සටහන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නිලධාරින් 07 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ එම ප්‍රකාශ සටහන් කරගත් බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ. 

ඒ අනුව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරින් 06 දෙනෙකුගෙන් සහ තොරතුරු පද්ධති හා කළමණාකරණ දෙපාර්තමේන්තුවේ එක් නිලධාරියෙකුගෙන් එලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. 

තමාට නොමැති ආචාර්ය නාමයක් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තම නම ඉදිරියේ වැරදියට සඳහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ  පැමිණිල්ලක් සිදු කළා. 

ඒ අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පාර්ලිමේන්තුවේ නිලධාරින් 07 දෙනෙකුගෙන් එලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ.