සහල් අර්බුදය සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් දේශපාලන වේදිකාවල විවිධ අදහස් පළ වනවා.
හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ කිසිදු අයුරකින් රටේ සහල් හිඟයක් පැවතිය නොහැකි බවයි.
වත්මන් ආණ්ඩුව පසුගිය කාලය පුරා ගොවීන් වෙනුවෙන් පෙනී සිටියේ බලය ලබා ගැනීමේ අරමුණින් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවා.
මේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා.
විපක්ෂය නගන චෝදනාවලට නියෝජ්‍ය අමාත්‍ය නලින්ද හේවගේ මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
පසුගිය කාලයේ ජනතාව පීඩාවට පත් කරමින් දේශපාලඥයින් සුරසැප විඳි ආකාරය මේ වන විට අනාවරණය වෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවා.