Monday, December 23, 2024

General line - 0115112241

ෆිච් රේටින් ආයතනයෙන් ලැබුණු උසස් වීමෙන් ශ්‍රී ලංකාවට හිමිවන වාසි ආර්ථික විද්වතෙක් පැහැදිළි කරයි




ෆිච් රේටින් සමාගම විසින් දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම CCC සෘණ මට්ටමේ සිට CCC ධන මට්ටම දක්වා උසස් කිරීම හරහා රටේ මූල්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බවට තහවුරු වන බව ආර්ථික විද්වතුන් පවසනවා. 

ඒ අනුව මෙරට බැංකු පද්ධතියට විදේශ බැංකු සමඟ කටයුතු කිරීම ඉතාමත් පහසු වන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසුවේ.


කෙසේවෙතත් පැවති අවධානම සම්පූර්ණයෙන් ඉවත්ව නොමැති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.


ලබන වසර අවසන් වීමට ප්‍රථම ෆිච් රේටින් සමාගම ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් ඉහළට යා යුතු බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් පැවසුවේ.