Monday, December 23, 2024

General line - 0115112241

ගත වූ දින 10 තුළ වෙළඳපොළට නිකුත් කළ සහල් ප්‍රමාණය ගැන රජයෙන් අනාවරණයක්




ගත වූ දින 10 තුළ වී කිලෝ කෝටියකට ආසන්න ප්‍රමාණයක් සහල් බවට පත් කර මෙරට වී මෝල්වලින් වෙළඳපොළට නිකුත් කර ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපාකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. 

ඔහු පැවසුවේ ජනවාරි 15 වනදාට පෙර ආනයනික සහල් මෙරටට ගෙන්වීමට බලාපොරෙත්තු වන බවයි.


රජයේ සංඛ්‍යා දත්තවලට අනුව සහල් මෙට්‍රික් ටොන් 70,000 ක පමණ හිඟයක් පැවතිය ද මෙරටට සහල් ආනයනය කිරීම තුළින් එම හිඟය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපාකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.


මේ අතර පසුගිය 04 වනදා සිට 21 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ දිවයිනට සහල් මෙට්‍රික් ටොන් 67,000 ක් ලැබී තිබෙනවා. 

ඒ අනුව එම සහල් තොගයට ආනයන බදු ලෙස රුපියල් බිලියන හතරයි දශම තුනක පමණ මුදලක් අය කරගෙන ඇති බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.