අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩලයේ දේශීය අධ්යක්ෂවරයා හමුවී තිබෙනවා.
ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. මෙරට සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ කාර්යභාරය එම සාකච්ඡාවේදී යළිත් අවධාරණය කර ඇති අතර ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවක් ලෙස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ එම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා පාසල් යටිතල පහසුකම්, ගුරු-විදුහල්පති පුහුණුව සහ ඇගයීම් යාන්ත්‍රණ සංවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළ බවයි.
අඛණ්ඩ ව්‍යාපෘති හරහා අධ්‍යාපන ක්ෂේත්රයේ ඇති අභියෝගවලට විසඳුම් සෙවීමට සිය දායකත්වය ලබාදීම පිළිබඳව ද ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා.