ගාල්ල, අක්මීමන, කුරුඳුවත්ත හංදිය ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක හටගත් ගින්න සම්පූර්ණයෙන් පාලනය කර තිබෙනවා.
එම ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලෙහි ගින්න ඊයේ රාත්‍රී 09.00 ට පමණ හටගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ගින්න නිවීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් රථ තුනක් එම ස්ථානයට යොමු කර තිබෙනවා. ගාල්ල - උඩුගම මාර්ගය එම ස්ථානයෙන් තවකාලිකව වසා දැමීමට පොලිසිය පියවර ගනු ලැබුවා.
පැය 04.00 කට පමණ පසුව ගිනි නිවීම් භටයින් විසින් එම ගින්න සම්පූර්ණයෙන් පාලනය කර තිබෙනවා. ඒ සඳහා පොලිසිය මෙන්ම ප්‍රදේශවාසීන් ද සහය දැක් වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එමෙන්ම වසාදමා තිබූ ගාල්ල - උඩුගම මාර්ගය යළි විවෘත කර තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.