TikTok වෙත ප්‍රවේශය වසරකට අවහිර කිරීමට ඇලබේනියා රජය පියවර ගෙන තිබේ.
ඇල්බේනියාවේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය මාසයේ පාසල් සිසුවෙකු ඝාතනයට ලක්වීමෙන් පසු දරුවන්ට සමාජ මාධ්‍ය මගින් සිදු කෙරෙන බලපෑම පිළිබඳ භීතිය පිළිබඳ සලකා බලා මෙම තීරණයට එළඹි බවයි.
ඒ අනුව අග්‍රාමාත්‍ය එඩි රාමා ප්‍රකාශ කළේ යෝජිත තහනම ජනවාරි මාසයේ ආරම්භ වන බවයි.
යෝජිත තහනම පිළිබඳව ඇල්බේනියානු රජයෙන් හදිසි පැහැදිලි කිරීම් අපේක්ෂා කරන බව TikTok පැවසීය.
එමෙන්ම බීබීසී ලෝක පුවත් සේවයට අදහස් දක්වමින් TikTok පවසා ඇත්තේ මියගිය 14 හැවිරිදි පිරිමි ළමයාට පිහියෙන් ඇන ඇතැයි කියන පුද්ගලයාට හෝ වින්දිතයාටම TikTok ගිණුම් තිබූ බවට කිසිදු සාක්ෂියක් හමු නොවූ බවයි.
ගුරුවරුන්, දෙමාපියන් සහ මනෝ විද්‍යාඥයින් සමඟ ඇල්බේනියාවේ ටිරානා අගනුවර පැවති රැස්වීමකදී ඇල්බේනියා අග්‍රාමාත්‍ය එඩි රාමා TikTok "අසල්වැසියාගේ මැරයා" ලෙස හංවඩු ගසා තිබේ.
“අපි එය වසරකට වසා දැමීමට යන අතර සිසුන්ගේ අධ්‍යාපනයට සේවය කරන සහ දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන්ගේ ගමන අනුගමනය කිරීමට උපකාර වන වැඩසටහන් දියත් කිරීමට අපි පටන් ගනිමු,” ඔහු පැවසීය.