Wednesday, December 25, 2024

General line - 0115112241

ලොව පුරා කුෂ් මත්ද්‍රව්‍ය බෙදාහරින රුසියානු තොරතුරු තාක්ෂණ නිලධාරියෙකු අල්ලයි

ටී කේ ජී කපිල




කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සූක්ෂම ලෙස සගවා ගෙන පැමිණි විදේශිකයෙකු, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 50 ක් ඔහුගේ ගමන් මල්ලේ තිබී සොයාගෙන තිබෙනවා. 

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටියක් පමණ වනවා. 

34 හැවිරිදි රුසියානු ජාතික සැකකරු තොරතුරු තාක්ෂණ නිලධාරීවරයෙකු වන බවයි පොලිසිය පැවසුවේ.

ඔහු මෙම කුෂ් මත්ද්‍රව්‍ය වගා කර, සකස් කර, ලොව පුරා රටවල් අතර බෙදාහැරීමේ ජාවාරමක ද නිරත පුද්ගලයෙකු බවට ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය කර ගෙන තිබෙනවා. 

සැකකරු තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. 

ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, ලබන 29 වනදා තෙක් රදවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබෙනවා.