Tuesday, December 24, 2024

General line - 0115112241

අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට




අල්ලස් ලෙස රුපියල් 5,000 ක මුදලක් ලබාගත් ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයේ නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, තඹලගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි. ඔහු විසින් මුදල් ආරවුලක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමල පොලිස් ස්ථානයට කර ඇති පැමිණිල්ල විභාග කර පැමිණිලිකරුට අයවීමට ඇති මුදල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර දීම සඳහා සැකකාර පොලිස් නිලධාරියා එම මුදල ඉල්ලා තිබෙනවා.  

ඒ අනුව ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයේ නිලධාරින්ට ආහාර ගැනීමට ඇති විවේක කාමරය ඉදිරිපිටදී එම පොලිස් නිලධාරියා රුපියල් 5,000 මුදල ලබාගත් අවස්ථාවේ අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි විමර්ශන අංශයට අනියුක්ත ප්‍රජා පොලිස් ඒකකයේ සැරයන්වරයෙක්. 

සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.