Wednesday, December 25, 2024

General line - 0115112241

ආනයනික සහල් ගැන ආණ්ඩුවෙන් සහතිකයක්




පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ට සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබාදී ඇති කාලය ජනවාරි 10 වනදා තෙක් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. 

ඊට අදාල කැබිනට් පත්‍රිකාව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවයි කැබිනට් ප්‍රකාශක ආමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.

එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් කැබිනට් ප්‍රකාශක ආමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසුවේ පරිභෝජනයට නුසුදුසු සහල් රට තුළට ගෙන ඒමට කිසිදු ඉඩක් ලබා නොදෙන බවයි.