Wednesday, December 25, 2024

General line - 0115112241

මෙරට මුහුදු සීමාවේ මසුන් මැරූ ඉන්දීය ධීවරයින් 17 ක් ඉන්දීය හමුදා භාරයට




මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. 

එම යාත්‍රා දෙකේ සිටි ඉන්දීය ධිවරයන් 17 දෙනෙකු සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ. එම ඉන්දීය ධීවරයින් දාහත් තලෙයිමන්නාරම ජැටිය වෙත රැගෙනවිත් තිබෙනවා. 

ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදෙන බවයි නාවික හමුදාව පැවසුවේ.

මේ අතර මෙම වසරේ මේ දක්වා සිදුකල මෙහෙයුම්වලදී මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා හැත්තෑ දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් 554 දෙනෙකු නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.