ජනතාවට ගුණාත්මක සහ තත්ත්වයෙන් උසස් ඖෂධ අඛණ්ඩව සැපයිම පිළිබඳ වගකීම ඖෂධ සම්බන්ධ මෙරට ප්‍රධාන ආයතන 04 බාරගත ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඔහු කියා සිටියේ පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව මට්ටමෙන් ක්‍රියාත්මක සියළු ව්‍යාපෘති ඒකාබද්ධව මෙහෙය විය හැකි ව්‍යාපෘති කළමණාකරණ ඒකකයක් ස්ථාපිත කිරිමට අවධානය යොමු කරන බවයි.
මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි සියලු කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට නොව අමාත්‍යාංශයේ ස්ථීරසාර සැළසුමකට අනුව සිදු විය යුතු බවයි අමාත්‍යවරයා පැවසුවේ.
සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක පරිවර්ථතනයකට ප්‍රථමික සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සදහා සම්පූර්ණ බලය යෙදවිය යුතු බවද සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසුවා.