Thursday, December 26, 2024

General line - 0115112241

ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා රසිකයින්, කලාකරුවන් සහ දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක්




අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය අද දහවල් වන තෙක් ඔහුගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි. 

ඔහුගේ දේහය මේ වන විට තැන්පත් කර ඇත්තේ ගංගොඩවිල, නුගේගොඩ නිවසේයි. 

ඊයේ දිනයේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා රසිකයින්, කලාකරුවන් සහ දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් ප්‍රියා සූරියසේන මහතාගේ නිවසට පැමිණියා. 

මේ, ප්‍රවීණ කලාශිල්පීන් වන චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, උරේෂා රවිහාරි, කරුණාරත්න දිවුල්ගනේ සහ ක්‍රිෂාන්ත එරන්දක.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාද දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියා.


අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සවස බොරැල්ල කනත්තේදී සිදු කෙරෙනවා.