පොලිස් විවිශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් සහ වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් කුඩාඔය පොලිස් බල වසම තුල හදිසී වැටලීමක් සිදු කර තිබෙනවා.
මෙහිදී ගංජා වගාවන් හයක් එම නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර එම ගංජා වගාවන් තුල තිබී ගංජා ගස් ලක්ෂයකට ආසන්න ප්රමාණයක් තිබු බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් පලාගොස් ඇති අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්රියාත්මක කර තිබෙනවා.
සියලුම ගංජා ගස් ගිනිතබා විනාශ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.