පොලීසිය දේශපාලනීකරණයෙන් මුදා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ පොලිස් නිලධාරීන් මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් මේ වන විට පූර්ණ අධ්‍යයනයක් සිදු කරමින් ඇති බවයි.
පසුගිය සමයේ අසාධාරණයට ලක්වූ පොලිස් නිලධාරීන්ට සාධාරණය ඉටු කරන බවත් සුදුසු හා දක්ෂ පොලිස් නිලධාරීන්ට රාජකාරී සිදු කිරීමට අවස්ථාව සලසා දෙන බවත් අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.
මේ අතර ඉකුත් රජය සමයේ විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට එරෙහි උද්ඝෝෂණවලට සහභාගිවී වැඩතහනමට ලක් වු ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් හැටදෙදෙනෙකු සියලු වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවීමට ඉකුත් දා කටයුතු කර තිබුණා.