මැතිවරණවලට තරඟ කිරීමට පෙර අපේක්ෂකයින් විසින් අධ්‍යාපන හා වෙනත් සුදුසුකම් සම්බන්ධයෙන් දත්ත පත්‍රිකාවක් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදීම අනිවාර්ය කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව පැෆ්රල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ අධ්‍යාපන හා වෙනත් සුදුසුකම් අපේක්ෂකයින් තෝරා ගැනීමට ඡන්ද දායකයින්ට පිටුවහලක් වන බවයි.
අදාළ ක්‍රමවේදය මැතිවරණ කොමිෂන් සභාව හරහා ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් ඒ ඒ දේශපාලන පක්ෂවලට එය ක්‍රියාවට නැංවීමට හැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
හිටපු කතානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කතාබහක් මතු වූ අතර අපේක්ෂකයින්ගේ අධ්‍යාපන හා වෙනත් සුදුසුකම් සම්බන්ධයෙන් වැඩිම කතාබහක් ඇති වුණේ ඉන් අනතුරුවයි.