Friday, December 27, 2024

General line - 0115112241

මේ වසරේ විසි ලක්ෂ වෙනි සංචාරකයා මෙරටට පැමිණෙයි




2024 වසරේ විසි ලක්ෂ වෙනි සංචාරකයා අද මෙරටට පැමිණියා. 

ඒ බැංකොක් සිට පැමිණි ඹඛ 403 ගුවන් යානයෙන්. 

විසි ලක්ෂ වැනි සංචාරකයා පිළිගැනීමට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා සමඟ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා. 

එම සංචාරකයා පිළිගැනීමට සඳහා විශේෂ උත්සවයක් ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය මගින් සංවිධානය කර තිබුණා. 

මෙය වාර්ෂික සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවන සිව්වන අවස්ථාව වන අතර මීට පෙර ලක්ෂ 20 ඉක්මවා ඇත්තේ 2016, 2017, 2018 වසරවල දී පමණයි. 

ඒ අනුව 2018 වසරින් පසුව වසරක් තුළ වැඩිම සංචාරකයින් පැමිණීම වාර්තා වන්නේ මේ වසරේදීයි.