ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ කුඩා ගුවන් යානයක් ධීවරයින් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා.
ත්‍රිකුණාමලය සිට මුහුදු සැතපුම් 35ක පමණ දුරක තිබී එම කුඩා ගුවන් යානය හමුවූ බවයි අදාළ ධීවරයින් පවසන්නේ.
එම ධීවරයින් විසින් අදාළ කුඩා ගුවන් යානාව ඊයේ රාත්‍රියේ ගොඩබිමට රැගෙනවිත් ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර තිබෙනවා.
පසුව ත්‍රිකුණාමල වරාය පොලීසියේ නිලධාරීන් විසින් එය පරික්ෂාවට ලක්කර වැඩිදුර විමර්ශන සඳහා ගුවන් හමුදාවද කැඳවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
අඩි 06ක් පමණ දිගැති සහ අඩි දෙකක පමණ විෂ්කම්භයෙන් යුතු මෙම ගුවන් යානය ‘ටාගට් ඩ්‍රෝන්’ නමින් හඳුන්වන විදේශීය රටක නිෂ්පාදිත කුඩා ගුවන් යානාවක් බවයි ගුවන් හමුදාව පවසන්නේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.