කිඹුලෙකු සපා කෑමෙන් බරපතල තුවාල ලැබූ කළුතර, කොහොලාන ප්රදේශයේ කාන්තාවක් මිය ගොස් තිබෙනවා.
එලෙස මිය ගොස් ඇත්තේ 51 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක්.
නිවසේ තිබූ වළං සේදීමට කළු ගඟට බැස සිටියදී ඇය කිඹුලෙකු විසින් සපා කා ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
මියගිය කාන්තාවගේ මෘත ශරීරය නාගොඩ මහ රෝහලේ තැන්පත් කර ඇති අතර කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
මේ අතර කළු ගඟේ, කොහොළාන ප්රදේශයේ කිඹුලන් ගැවසෙන බැවින් ඒ පිළිබඳ අවදානයෙන් කටයුතු කරන ලෙසයි පොලීසිය එම ප්රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.