ජාත්‍යන්තර පොලිසිය මගින් රතු වරෙන්තු නිකුත් කර තිබූ මෙරටින් පළා ගොස් සිටි අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ බාළ වයස්කාර දරුවා, කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ - 05 ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අහමඩ් සරීම් මොහොමඩ් සියාබ්, ඔහුගේ බිරිඳ වන ෆාතිමා පර්සානා මර්කාබ් සහ ඔවුන්ගේ 14 හැවිරිදි දරුවා එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි කටුනායක ගුවන් තොටුපළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඔවුන් 2021 වසරේ දී බෝට්ටු මගින් ඉන්දියාව වෙත පළා ගොස් තිබුණා.
රුපියල් කෝටි ගනනක මූල්‍ය වංචා සිදු කර ඇති බවටයි එම අඹු සැමි යුවළට චෝදනා එල්ල වී තිබුණේ.
ඔවුන්ට එරෙහිව කොළඹ, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශ වල අධිකරණ මගින් ගුවන් ගමන් තහනම් 08 ක් පනවා තිබුණා.
සැකකාර පිරිමි පුද්ගලයා සහ ඔවුන්ගේ බාළ වයස්කාර දරුවා ඊයේ දහවල් ඉන්දියාවේ සිට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී, ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඉන්පසුව සැකකරුගේ බිරිඳ ඊයේ රාත්‍රියේ ඉන්දියාවේ සිට තවත් ගුවන් යානකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව ඔවුන් පිළිබඳ මූලික විමර්ශන කටයුතු සිදු කළ කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, ඔවුන් පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ මූල්‍ය සහ වානිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත භාර දී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන්කළේ.