Saturday, December 28, 2024

General line - 0115112241

ඖෂධ මාෆියාවට තිත තබන දිනය ආණ්ඩුව කියයි

හේරත් ඒකනායක




රට තුළ ඖෂධ මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් 2026 වසරේ ජනවාරි මාසය වන විට ඖෂධ සම්බන්ධ සියලුම ගැටලු විසඳන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා පවසනවා. 

එතෙක් ඖෂධ හිඟයක් මතු නොවීමට රජය වගබලා ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

මහනුවර ජාතික රෝහලේ පැවති සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ වැඩසටහනකට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා මේ බව කියා සිටියා.