ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන ඩිමෝ හි වෘත්තීය පුහුණු අංශය වන ඩිමෝ ඇකඩමි විසින් නිවාස අලුත්වැඩියාව, නඩත්තුව සහ රක්ෂණ සේවා සැපයීම පිළිබඳ ප්‍රමුඛතම සමාගමක් වන හෝම්සව් ජර්මනි සමග හවුල්කාරිත්වයක් පසුගියදා ආරම්භ කෙරුණා.
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉහළ සුදුසුකම් සමග මෙරට තරුණ තරුණයන් වෙත ජර්මානු ගොඩනැගිලි සේවා අංශයේ රැකියා අවස්ථාවන් ලබාදෙමින් ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය සවිමත් කිරීම එහි ප්‍රධාන අරමුණයි.
මෙම සහයෝගීතාව යටතේ ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩලය විසින් සහතික කරන ලද ප්ලාන්ට් ඉංජිනියරින් ඩිප්ලෝමා පාඨමාලාව මෙරට තරුණ තරුණියන්ට හැදෑරීමට අවස්ථාව හිමි වන බවද ඩිමෝ ආයතනය සඳහන් කළා.