යම් කිසි අපරාධයක් කර සැඟව සිටින අපරාධකරුවන්ට ආරක්ෂාව ලබාදෙන පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ඇතැම් අපරාධකරුවන්ට නවාතැන් පහසුකම්, ආධාර අනුබල දීම් වැනි සිදුවීම්වලට සිවිල් පුද්ගලයින් සම්බන්ධ වී ඇති බවට අනාවරණ වී ඇති බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා මෙම අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.