සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේදි සිදුකල වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙක්.
ඊයේ පස්වරු 05.45ට පමණ සීදුව, ලියනගේමුල්ල, වෙළබඩපාර ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට එම වෙඩි තැබීම සිදුකර තිබුණා.
පොලිසිය පැවසුවේ එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඔවුන් මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම පවුලේ වැඩිමහල් පුත්‍රයා මියගොස් තිබෙනවා.
අනෙක් පුත්‍රයා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර බරපතල තුවාල ලැබූ 73 හැවිරිදි ව්‍යාපාරිකයා මේ වන විට මීගමුව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
වෙඩික්කරුවන් වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබූ අතර පසුව ඔවුන් පැමිණි මෝටර් රථය කටුනායක, කෝවින්න ප්‍රදේශයේ ආදාහනාගාරය අසල ගිනි ගැනීමකට ලක්ව තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ වෙඩික්කරුවන් විසින් T56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කරමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.