රජය විසින් ආනයනික සහල්වලට පනවා රුපියල් 65 ක බද්ද පාරිභෝගිකයාට දරාගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
ඔහු රජයෙන් ඉල්ලා සිටියේ ආනයනික සහල් සඳහා පනවා ඇති බදු ප්‍රමාණය පහළ දමන ලෙසයි.
p>
වත්මන් රජය විසින් ජනතාවට ලබාදුන් පොරොන්දු මේ දක්වා ඉටුකර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
මන්ත්‍රීවරයා පැවසුවේ ජනතාවට අත්‍යවශ්‍ය වන භාණ්ඩ පවා රජයට මේ දක්වා ලබාදීමට නොහැකි වී ඇති බවයි.
ආණ්ඩුව බලයට පත්වී දින 100 කට අධික කාලයක් ගත වුවත් මේ දක්වා ජනතාව බලාපොරොත්තු වූ වෙනස සිදු කිරීමට රජය අපොහොසත් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා රත්නපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.
ජනතාව ලබාදුන් බලය ආරක්ෂා කරමින් ඉදිරි වසර 05 සඳහා නව සැලැස්මක් අනුව රජයේ ඉදිරි කටයුතු සිදුකර බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ මහතා පවසනවා.