හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ලබන 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.
විදේශ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවට සැකකරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබූ පැමිණිල්ලකට අනුවයි.
එම පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ, අදාළ පුද්ගලයා රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 40 ක මුදලක් ඉල්ලා ඇති අතර ඉන් රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබාගෙන එම මුදල වංචාකර ඇති බවයි.
ඒ අනුව සැකකරු ඊයෙ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරුගේ මෙම ජාවාරමට තවත් පුද්ගලයන් සහාය දක්වා ඇති ද යන්න පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි.