මොරොක්කෝ මුහුදේ යාත්‍රා කරමින් තිබූ සංක්‍රමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් ගිලී යාමෙන් පුද්ගලයින් 69 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මිය ගිය පිරිස අතර මාලි ජාතිකයන් 25 දෙනෙකු ද වනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ අනතුරට ලක් වන අවස්ථාවේදී පුද්ගලයින් 80 දෙනෙකු බෝට්ටුවේ සිට ඇති බවයි.
කෙසේවෙතත් එහි සිටි මගීන් 11 දෙනෙකුගේ ජිවිත බේරා ගැනීමට හැකිවී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම යාත්‍රාව බටහිර අප්‍රිකාවේ සිට ස්පාඤ්ඤ දක්වා යාත්‍රා කරමින් සිටියදී පෙරළි යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සම්බන්ධව පරීක්ෂණය කිරීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා ඇති බවයි එරට රජය පවසන්නේ.
කෙසේවෙතත් මෙම වසරේ දී පමණක් අප්‍රිකාවේ සිට ස්පාඤ්ඤයට බෝට්ටුවලින් යාත්‍රා කරමින් සිටි පුද්ගලයින් දස දහසකට අධික පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
ස්පාඤ්ඤ රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව පෙර වසරට සාපේක්ෂව බෝට්ටුවලින් යාත්‍රා කරමින් සිටි සංක්‍රමණිකයන්ගේ මරණ සංඛ්‍යාව සියයට 59 කින් ඉහළ ගොස් තිබෙනවා.