Monday, December 30, 2024

General line - 0115112241

බිත්තර හිඟයක් ගැන අනාවරණයක්




නිෂ්පාදකයින් ආරක්ෂා නොකර ගතහොත් ලබන අප්‍රේල් මාසයේදී බිත්තර හිඟයක් ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. 

ඒ අනුව බිත්තරයක මිල රුපියල් හැටත් හැත්තෑවත් අතර මිලකට අලෙවි විය හැකි බවයි නෙත් නිවුස් කළ විමසීමකදී එම සංගමයේ  සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ 


ගොවිපොළ හිමියෙකුට බිත්තරයකට රුපියල් 35 ක මිලක් ලැබිය යුතු බවත් එසේ නොවන්නේ නම් ඔවුන් මෙම ව්‍යාපාරයෙන් ඉවත් වන බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.


උත්සව සමයේ පාරිභෝගිකයන්ට අඩු මිලට බිත්තර සහ කුකුල් මස් මිලදී ගැනීමට හැකියාව ලැබී ඇත්තේ නිෂ්පාදකයින්ගේ කැප කිරීම මත බවයි ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ.