විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි සැකකරුවන් 25 දෙනෙකු පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් චුදිතයන් වෙත දඩ මුදල් නියම කර ඇති බවයි හැටන් පොලිසිය පැවසුවේ.
ශ්‍රී පාද වන්දනාව සඳහා දුම්රියෙන් සහ හැටන් මාර්ගය ඔස්සේ නල්ලතන්නිය දක්වා මත්ද්‍රව්‍ය රැගෙන පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනිම සඳහා හැටන් කොට්ඨාශ නිල සුනඛ අංශයේ සුනඛයන්ගේ ද සහාය ඇතිව මාර්ග බාධක යොදා සොදිසි මෙහෙයුම් සිදු කර තිබෙනවා.
එම සෝදිසි මෙහෙයුම්වලදී ගංජා, මදන මෝදක ගුලි, මත්පෙති සහ අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 25ත් 35ත් අතර වයස්වල පසුවන සැකකරුවන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන තෙක් එම සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යන බවත්, ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන විට මත්ද්‍රව්‍ය රැගෙන නොයෙන ලෙසත් හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා වන්දනාවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.