සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති තරග තුනකින් සමන්විත පළමු එක්දින තරගයේ ජය කඩුලු නවයකින් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 04ක් තුළදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 178 ක් පමණයි.
ශ්රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 04 ලකුණු 23ක් තුළදී බිඳ හෙලමින් නවසීලන්ත පන්දු යවන්නන් ආරම්භයේ සිටම ශ්රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළා.
පැතුම් නිස්සංක එහිදී ලකුණු 09කට දැවී ගිය අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 02කට දැවී ගියා.
නායක චරිත් අසලංක ලකුණු නොලබා දැවී ගිය අතර ඉන් අනතුරුව පිටියට පිවිසි ජනිත් ලියනගේ පස්වන කඩුල්ල සඳහා අවිශ්ක ප්රනාන්දු සමඟ එක්වී ලකුණු 84ක සබඳතාවක් පැවැත් වුවා.
පස්වන කඩුල්ල ලෙස ජනිත් ලියනගේ ලකුණු 36ක් ලබා සිටියදී දැවී සිය අතර අවිශ්ක ප්රනාන්දු ලකුණු 56ක් ලබා සිටියදී දැවී ගියා.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට ලකුණු 179ක ජයග්රාහී ඉලක්කයක් හිමි වුණා.
ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 26යි පන්දු දෙකක් තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී සිය ජයග්රාහී ඉලක්කය සපුරා ගත්තා.