Tuesday, January 7, 2025

General line - 0115112241

පිරිසක් මාලිමාවට යනවද? සජබයෙන් උත්තර




සිය පක්ෂයේ ඇතැම් සාමාජිකයින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා ජාතික ජනබලවේගයෙන් නාම යෝජනා භාර දීමට අපේක්‍ෂාවක් නොමැති බව සමගි ජන බලවේගය පවසනවා.

කෙසේවෙතත් අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පැවසුවේ නාම යෝජනා භාර දීම සඳහා එම පක්ෂයේ පිරිසක් ජාතික ජන බලවේගය සමග එක්වීමට නියමිත බවයි.  

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඇති සූදානම සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළා.