ශ්‍රී ලංකා කණ්ඩායම පළමු එක්දින ක්‍රිකට් තරඟය පරාජයට පත් වූයේ නවසීලන්ත පන්දු යවන්නන් දක්ෂ පන්දු යැවීමක නිරත වීම හේතුවෙන් බව අවිශ්ක ප්‍රනාන්දු පවසනවා.
එම තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
එම තරඟය කඩුලු නවයකින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 04ක් තුළදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 178 ක් පමණයි.
අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 56ක් ලබා සිටියදී දැවී ගියා.
නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 26යි පන්දු දෙකක් තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 180ක් ලබා ගනිමින් තරඟය ජය ගත්තා.
දෙරට අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය ලබන 08වනදා ආරම්භ වීමට නියමිතයි.