රජයට අයත් යකඩ තොගයක් අලෙවි කරමින් සිටි රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවේ සේවකයින් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සංස්ථාවට අයත් භූම් ට්‍රක් රථයක රියදුරෙකු සහ සේවකයින් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
වැලිපැන්න ප්‍රදේශයේ පාලමක් ඉදිකිරීමට රැගෙන ගොස් තිබූ යකඩ තොගයක් එලෙස අලෙවි කිරීමට එම සේවකයින් කටයුතු කර තිබෙනවා.
භූම් ට්‍රක් රථයකින් ගොරකපොල ප්‍රදේශයේ පරන යකඩ මිළදී ගන්නා ස්ථානයකට එම යකඩ තොගය බාමින් සිටියදී ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘති යටතේ පානදුර උතුර ගොරකපල ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට එය නිරීක්ෂණය වී තිබෙනවා.
එම නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් සිදු කළ විමර්ශනවලින් අනතුරුව එම සේවකයින් තිදෙනා සහ යකඩ මිළදී ගත් පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
එමෙන්ම භූම් ට්‍රක් රථය සහ යකඩ කිලෝ 1,083 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.