Wednesday, January 8, 2025

General line - 0115112241

මනූෂගේ සොහොයුරා යළි රිමාන්ඩ්




හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරු තිසර නානායක්කාර මහතා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කළා. 

ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකරු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. 

ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර නානායක්කාර මහතා පසුගියදා බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. 

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.