Friday, January 10, 2025

General line - 0115112241

ලොස්ඇන්ජලිස් ලැව්ගින්න නිවන්න ජලය මදිවෙයි




අමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හි හටගෙන ඇති දරුණු ලැව්ගින්න පාලනය කිරීමට බාධා මතුව තිබෙනවා. 

ඒ, ගින්න නිවීම සඳහා ජලය හිඟ වීමත් සමඟයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ හදිසි ආපදාවකදී භාවිත කිරිමට ඔවුන් රැස්කර තිබූ ජලය අවසන් වී ඇති බවයි.

එක් ප්‍රදේශයක පමණක් ලැව්ගින්න පාලනයට ජල ගැලුම් මිලියන 01 ක් මේ වන විටත් භාවිත කර ඇති බවයි ලොස් ඇන්ජලීස් ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසන්නේ. 

අධික ඉල්ලුම මධ්‍යයේ වුවද කඩිනමින් ගින්න නිවීමට අවශ්‍ය ජලය සොයාගත් බවද ඔවුන් පවසා තිබෙනවා.

ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ වඩාත් විනාශකාරීම ලැව්ගින්න ලෙස සැලකෙන මෙම ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වන විටත් ලක්ෂ 15කට වැඩි පිරිසකට විදුලිබල පහසුකම් අහිමි වී තිබෙනවා. 

විනාශ වී ඇති භූමි අක්කර ප්‍රමාණය 26,000ක්. 

පුද්ගල මරණ 05ක් ද මේ වන විට වාර්තා වී තිබෙනවා. සිය වාසස්ථානවලින් ඉවත් කර ඇති පිරිස ලක්ෂයකට අධිකයි. 
 

කෙසේවෙතත් මේ වන විට ගින්න දරුණු ලෙස පැතිර යාම පාලනය කර තිබෙනවා.