නවසීලන්තයෙන් ලෝක ක්‍රිකට් පිටියට පැමිණි විශිෂ්ඨ පිතිකරුවෙකු වන මාර්ටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
38 හැවිරිදි වියේ පසුවන ඔහු ලොව පුරා ඇති ලීග් තරගවලට තවදුරටත් සහභාගී වීමටයි තීරණය කර ඇත්තේ.
නවසීලන්තය වෙනුවෙන් එක්දින තරග 198කට ක්‍රීඩා කර ඇති ගප්ටිල් එහිදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7,346ක්.
නවසීලන්තය වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් රැස්කල තුන්වන පිතිකරුවා වන්නේ ඔහුයි.
ගප්ටිල් ලෝකයේ දැඩි කතාබහකට ලක් වුණේ 2015 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 237ක් රැස්කර ගැනීමත් සමඟයි.
එය අදටත් පිතිකරුවෙකු එක්දින පිටියේ රැස්කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස සැලකෙන ගප්ටිල් පන්දුවාර විස්යි විස්ස තරග 122දී ලකුණු 3,531ක් රැස්කරගෙන සිටිනවා.
කෙසේවෙතත් ගප්ටිල්ට 2022 ඔක්තෝම්බර් මාසයේ සිට මේ දක්වා නවසීලන්ත කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමට හැකි වුණේ නැහැ.