Thursday, January 9, 2025

General line - 0115112241

නවෝත්පාදන දිරි ගැන්වීම සඳහා නව රජයෙන් කඩිනම් වැඩපිළිවෙළක්




ලෝකයේ දියුණු රටවල් තාක්ෂණ විෂයට මුල් තැනක් ලබාදී සංවර්ධනය කරා යද්දී ශ්‍රී ලංකාවේ තාක්ෂණ විෂය නොසලකා තිබූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

තාක්ෂණය සමඟ එක්ව නව උත්පාදනය කළ සමාගම් ලෝකය ජයගෙන ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලෝකයේ පළමු සමාගම් 10න් 05ක්ම තාක්ෂණය පදනම් කරගත් සමාගම් බවද කියා සිටියා. 

ඒ, පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරමින්.


ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට නම් නව උත්පාදනය හරහා එම ජනතාවට ආර්ථික කටයුතු හා තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිය ලබාදිය යුතු බවයි ජනාධිපතිවරයා පැවසුවේ.


පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීම සඳහා බසරාජගටදඩගකන නමින් නව වෙබ් අඩවියක් ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.