Thursday, January 9, 2025

General line - 0115112241

සජබයේ පරාජයට හේතු තිස්ස අත්තනායක හෙළිකරයි




ඉකුත් ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී තම පක්ෂය පරාජයට පත් වීමට හේතු කිහිපයක් බලපෑ බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ මැතිවරණ සමයේ එළිදැක්වූ විවිධ සමීක්ෂණ වාර්තා පිළිබඳ ඕනෑවටත් වඩා විශ්වාසය තැබීම ද තම කණ්ඩායම අතින් සිදු වූ වරදක් බවයි.


සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක් කිරීම සම්බන්ධයෙන් මේ වන විට පවතින සූදානම පිළිබඳව ද මෙහිදී අදහස් පළ කළා.


සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.