ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බලසේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 09ක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග කළේ ඊට අමතරව රුපියල් 1,500ක දඩයක් ද නියම කරන බවයි.
2016 වසරේ ජූලි මස 16 වනදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් පොලිසිය විසින් ඥානසාර හිමියන්ට මෙම නඩුව ගොනු කර තිබුණා.
ඒ, දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේයි.