Friday, January 10, 2025

General line - 0115112241

ලියාපදිංචි වී නොමැති ජංගම දුරකථන වලට ඉදිරියේදී වන දේ




විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී නොමැති ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ ඉදිරියේදී මෙරට තුළ භාවිතයට ඉඩ නොදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ නීතිවිරෝධී ලෙස රැගෙන ආ සන්නිවේදන උපකරණ මේ වන විටද රට තුළ ඇති බවයි.


විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් මහතා සඳහන් කළේ ලියාපදිංචි වී නොමැති ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් මෙම මස අවසානය වන විට හඳුන්වා දෙන බවයි.