රජය විසින් සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ අවසරය හෙටින් අවසන් වීමට නියමිතයි.
ඊයේ දහවල් 12 වන විට සහල් මෙට්රික් ටොන් එක් ලක්ෂ 15,000කට අධික ප්රමාණයක් ආනයනය කර රේගුව මඟින් නිශ්කාෂනය කර ඇති බවයි වාර්තා වන්නේ.
එම සහල් තොගය තුළ කැකුලු සහල් ටොන් 45,000ක් සහ තැම්බූ සහල් ටොන් 70,000ක් ඇති බව සඳහන්.
පවතින සහල් හිඟයට පිළියමක් ලෙස මෙම මස 10 වනදා දක්වා සහල් ආනයන කිරීමට රජය විසින් අවසර ලබා දී තිබුණා.