විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
අදාළ පුද්ගලයා විසින් රැගෙන ආ ගමන් මලු තුළ තිබී දුම්වැටි 19,800ක් අඩංගු දුම්වැටි කාටූන් 99ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සොයාගෙන තිබෙනවා.
එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් විසි නවලක්ෂ හැත්තෑ දහසක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම, වෙප්පමඩු ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු එළඹෙන 15 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.