Friday, January 10, 2025

General line - 0115112241

ඩයනාගේ පාස්පෝට් නඩුව මාර්තු 05 වනදාට කල් යයි

උදය කුමාර




කූට ලේඛන ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන චෝදනා පත්‍රය අද කොළඹ මහාධිකරණය හමුවේ කියවනු ලැබුවා. 

ඒ, එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

ඉන් අනතුරුව එම චෝදනාවලට තමන් නිවැරදිකාරිය බවයි විත්තිකාර ඩයනාගමගේ මහත්මිය එහිදී සඳහන් කර සිටියේ. 

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා මූලික විරෝධතා මතුකරමින් මෙම නඩුවට පාදක වන ලියවිල්ල සකස් කොට ඇත්තේ 2003 වසරේ බව සඳහන් කළා. 

එහෙත් ඊට අදාළව නඩු පවරනු ලැබුවේ 2024 වසරේ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ අනුව වසර විස්සකට වැඩි කාලයක් ගතවී ඇති හෙයින් අදාළ ලියවිල්ල සම්බන්ධයෙන් නඩු පැවරීමට නීතිමය හැකියාවක් නොමැති බවට තර්ක කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ මෙම කරුණ නඩු විභාගයේදී සලකා බලන බවයි. 

ඒ අනුව එම නඩුව මාර්තු මස 05 වන දා යළි විභාගයට ගැනීමටයි  විනිසුරුවරයා නියෝග කළේ.