Friday, January 10, 2025

General line - 0115112241

ටිබෙටයේ භූ කම්පනය ගැන දලෙයි ලාමා දුක් වෙයි




දකුණු ටිබෙටයේ ඉහළ කඳුකර ප්‍රදේශයකට ඉකුත් අඟහරුවාදා බලපෑ භූමිකම්පාව ගැන දලෙයි ලාමා සිය ශෝකය ප්‍රකාශ 

කර තිබෙනවා.

දලයි ලාමා සිය නිල වෙබ් අඩවියේ පළ කරන ලද පණිවිඩයක මේ බව සඳහන් කර තිබෙනවා.

අඟහරුවාදා එරට වේලාවෙන් පෙරවරු 9.05 ට දකුණු ටිබෙටය කම්පනයට පත් කළ රික්ටර් මාපකයේ 7.1 ක් ලෙස සටහන් වූ ප්‍රබල භූමිකම්පාව මෑත වසරවල ඇති වූ ප්‍රබලතම භූ කම්පනයක් ලෙස පැවසුනා.

Tingri, Lhatse සහ Sa’gya ප්‍රාන්තවල අවම වශයෙන් පුද්ගලයින් 126 දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු කර ඇති අතර, 188 දෙනෙකු තුවාල ලබා තවත් පුද්ගලයින් 46,000 ක් අවතැන් වී සිටිනවා.

 දැඩි ශීත කාලගුණයක් පවතින ආපදා ප්‍රදේශයේ සහන මෙහෙයුම් ද දැඩි දුෂ්කරතා මතු කර ඇති බවයි පැවසෙන්නේ.

800,000ක පමණ ජනතාවක් වාසය කරන ෂිගට්සේ නගරයේ නිවාස 3,600කට වැඩි ප්‍රමාණයක් භූ කම්පනයෙන් විනාශ වී ඇති බවත්, එය ටිබෙට් බුදුදහමේ ගෙලුග් සම්ප්‍රදායේ වැදගත්ම චරිතයක් වන පංචෙන් ලාමාගේ සම්ප්‍රදායික ආසනය වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා