Monday, January 13, 2025

General line - 0115112241

179 දෙනෙකුට මරු කැඳවූ ගුවන් අනතුරේ අවසන් මිනිත්තු හතරේ තොරතුරු නෑ




179 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා අනතුරට ලක්වූ දකුණු කොරියා ගුවන් යානයේ කලු පෙට්ටිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ සිදුකෙරෙමින් පවතිනවා.

මේ වාන විට සිදු කල පරීක්ෂණ වලින්  ගුවන් යානයේ දත්ත හා ගුවන් නියමු කුටියේ හඬ පට අඩංගු කලු පෙට්ටියේ අවසන් මිනිත්තු 4 තුළදී එහි කිසිවක් පටගත වී නොමැති බවයි පරීක්ෂණ කණ්ඩායම් සඳහන් කරන්නේ.

පටිගතවීම අත්හිටුවීම සම්බන්ධයෙන් ද මේ වනවිට වෙනමම විමර්ශනයක් සිදුකෙරෙන බව දකුණු කොරියා බලධාරීන් නිවේදනය කර තිබෙනවා 

තවද මෙම සියලු දත්ත ඇමෙරිකාවේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමකට භාරදීමටයි පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

තායිලන්තයේ බැංකොක් අගනුවර සිට නිරිතදිග දකුණු කොරියාවේ මුආන් වෙත පිටත් වූ Jeju Air 7C2216 ගුවන් යානය,
ගුවන් තොටුපළේ ධාවන පථයට ගොඩ බැස, ඉවුරක ගැටීමෙන් පසු මගීන් හා කාර්ය මණ්ඩලය ඇතුළු 179 දෙනෙකුට මරු කැඳවමින් ගිනිගෙන පුපුරා ගියේය.

යානය කඩා වැටීමට මිනිත්තු හතරකට පමණ පෙර හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරමින් ගුවන් නියමුවන් ගුවන් ගමනාගමන පාලක වෙත පවසා ඇත්තේ යානය කුරුලු පහරකට ලක් වූ බවයි 

අනතුරෙන් දිවි බේරා ගැනීමට හැකිවූයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට පමණයි.

ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරන්නේ සිදු කරන පරීක්ෂණය විනිවිදභාවයෙන් යුක්ත බවත්, එම තොරතුරු වින්දිතයින්ගේ පවුල් සමඟ බෙදා ගන්නා බව සහතික කරන බවයි.