තම පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට පෙනී සිටි බංග්ලාදේශ හිටපු නායක ෂකීබ් අල් හසන් දෙවන පරීක්ෂණයෙන් ද අසමත් වී තිබෙනවා.
37 හැවිරිදි ෂකීබ් මීට පෙර ICC විසින් අනුමත කරන ලද එක්සත් රාජධානියේ ලෆ්බරෝ විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ මධ්‍යස්ථානයේදී පන්දු යැවීමේ චලිතය පිළිබඳ ස්වාධීන ඇගයීමකින් ද අසමත් වී තිබුනා.
ඒ හේතුවෙන් ෂකීබ්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම තහනම් විය.
ඔහු පසුගිය දෙසැම්බර් 21වනදා චෙන්නායි හි ශ්‍රී රාමචන්ද්‍ර ක්‍රීඩා විද්‍යා මධ්‍යස්ථානයේ පැවති පරීක්ෂණයට දෙවන වරටත් සහභාගි වී තිබෙනවා.
ඒ හේතුවෙන් ඔහුගේ පන්දු යැවීමේ තහනම තවදුරටත් දීර්ඝ වන බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, ICCහි අනුමත දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට ඔහුට කිසිදු බාධාවක් පනවා නැහැ.
සැප්තැම්බර් මාසයේ සරේ ප්‍රාන්ත ශූරතා තරඟයකදී සැක සහිත පන්දු යැවීමක් සම්බන්ධයෙන් විවේචනයට ලක්විය.
වාර්තාව සකස් කර ඇත්තේ පිටියේ විනිසුරුවරුන් වන ඩේවිඩ් මිලන්ස් සහ ස්ටීව් ඕ ෂෝග්නසි විසිනි.
ටෙස්ට් තරග 71 කදී ලකුණු 4609 ක් සහ කඩුලු 246 ක්, එක්දින තරග 247 කදී ලකුණු 7570 ක් සහ කඩුලු 317 ක් සහ විස්සයි20 තරග 129 කදී ලකුණු 2551 ක් සහ කඩුලු 149 ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.