Wednesday, January 15, 2025

General line - 0115112241

බහාලුම් 3,000ක් කොළඹ වරාය තුළ සිරවෙයි




නිෂ්කාශනය නොකළ බහාලුම් 3,000ක් පමණ කොළඹ වරාය පරිශ්‍රයේ ගොඩගැසී ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. 

එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසුවේ එම බහාලුම් නිෂ්කාශනය කිරීම සඳහා අදාළ අංශවලට අද සිට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදු වන බවයි.


රේගු දෙපාර්තමේන්තුවට දිනකට නිෂ්කාශනය කිරීමට හැකියාව ඇත්තේ බහාලුම් 500ත් 600ත් අතර ප්‍රමාණයක් පමණක් බවද බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී කියා සිටියා.


කෙසේවෙතත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණද ආනයනික බහාලුම් නිදහස් කිරීමේ කටයුතු තවමත් විධිමත්ව සිදු නොවන බවටයි බහාලුම් ප්‍රවාහන රථ නියෝජිතයන් පවසන්නේ. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රේගුව පවසන්නේ බහාලුම් නියෝජිතයන් සහ ප්‍රවාහන රථ නියෝජිතයන් නිශ්කාශන කටයුතු සඳහා සහභාගීවිම ප්‍රමාදය මෙලෙස බහාලුම් නිදහස් කරගැනීමේ තදබදයක් ඇති වීමට හේතුවී ඇති බවයි.