Thursday, January 16, 2025

General line - 0115112241

ත්‍රීවීල්වල සවිකල හැකි උපාංග ගැන දැනුම් දීමක්




ත්‍රීරෝද රථවල සවිකල හැකි නීත්‍යානුකූල අමතර උපාංග මොනවාද? මේ වන විට ඒ සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබෙනවා. 

ඊට හේතු වී ඇත්තේ නීතියට අනුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කිරීමත් සමඟයි. 

ඒ අනුව ත්‍රීරෝද රථවලට මේ වන විට සවිකර ඇති නීත්‍යානුකූල නොවන උපාංග සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ හිමියන්ගෙන්ම නෙත් නිවුස් විමසීමක් කළා. 

සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා පැවසුවේ එලෙස නීත්‍යානුකූල නොවන ලෙස සවිකර ඇත්තේ අමතර උපාංග කිහිපයක් පමණක් බවයි.

ත්‍රීරෝද රථවල අමතර උපාංග සවිකිරීම සම්බන්ධයෙන් පවතින නීතිය කුමක්ද? මේ, නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා.

ඒ අනුව, ත්‍රීරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවන්ට අනුකූලව ත්‍රීරෝද රථවල නීත්‍යානුකූලව සවිකර ඇති කොටස් ඉවත් නොකිරීමට මින් ඉදිරියට පොලීසිය කටයුතු කරනු ඇති.